ආදරේට පුංචි උපදෙසක්
ADVISE FOR THE LOVE
කතාවක් තියෙනව ආදරේ කියන්නේ වෙනස් විදියට හිතන හිත එකට බැඳලා
තියා ගන්න රන් දම් වැලක් කියල .ඒ නිසාම ආදරේ කරද්දී ඇතිවෙන
පුංචි පුංචි අමනාපකම් නැති කර ගන්න පුළුවන් වෙන්නෙත් ආදරෙටමයි .ඒ
විදියේ අමනාපකමක් ඇති නොවෙන ආදරයක් ගැන හිත ගන්නත් අමාරුයි.
එත් පුංචි අමනාපකමක් ,නෝක්කාඩුවක් දුර දිග යන ප්‍රශ්නයක් කරගෙන
විඳවන්න නම් එපා .ඒ නිසයි ඔබට මේ පුංචි රහස් ටික කියල දෙන්නේ
බලන්න මේ දේවල් ඔයාගෙ ආදරේටත් ගැලපෙනවද කියල .
ඉස්සර වෙලාම කේන්තිය නැති වෙනකම් ඉන්න
කේන්ති ගියාම අපි කරන කියන දේවල් අපට මතක නෑ.පුංචි ප්‍රශ්නෙකදී කේන්ති අරගෙන කෑ ගහන්න ගියොත් සමහර විට ආදරේ
බිඳෙන තරමට දරුණු දේවල් වෙන්න පුළුවන් .ඒ නිසා කේන්තිය ඉවර
වෙනකම් ප්‍රශ්නේ ගැන කතා කරන්න යන්න එපා .
ඉවසන්න
ඔය ආදරේ කරන කෙනා ඉක්මන් කේන්ති
කාරයෙක් නම් එයාගේ කේන්තිය නිවෙන
තුරු ඉවසන්න .ඒ වෙලාවට එය කියන කරන
දේවල් ගැන ලොකුවටහිතන්න එපා ...
දුක හිතන්නත් එපා .
පිට අයට කියන්න එපා
තමන්ගේ ප්‍රශ්න පිට යට කියන්න එපා .එතකොට ප්‍රශ්න වැඩි වෙන්න
පුළුවන් .සමහර විට ඔයාගේ ආදරේ බිඳින්න බලන් ඉන්න යට ඒක හොඳ අවස්ථාවක් වෙන්නත් පුළුවන් .
සුහදව කතා කරන්න
ප්‍රශ්නේ විසඳ ගන්නනම් කතා බහ කරන්න ඕන .එහෙම නැතුව නිහඬව ඉඳල ප්‍රශ්නේ තාවකාලිකව විසඳුනත් ආයෙත් මතු වෙන්න පුළුවන් .
එයාගේ අඩුපාඩු ආදරෙන් පෙන්නලා දෙන්න
එයාගේ අතින් නිතර වෙන අඩු පාඩු තියෙනවා නම් හිත නොරිදෙන
විදියටයි කියල දෙන්න ඕන .ඔය මෙහෙම කරනවා නම් මම කැමතියි.ඔයා ඒ වගේ දෙයක් කලාම දුක හිතෙනවා වගේ දේවල් කියල ඔයාට ලේසියෙන්ම එයාගේ අඩු පාඩු පෙන්නන්න පුළුවන් .
ඔයාගේ වැරදි පිලි ගන්න
එයා දෙයක් කිවුවම රැඳු නොකර ඒ දේවල් පිලි ගන්න ඔය ඇත්තටම
වැරදි නැත්නම් ඒ බව හිමිට පෙන්නලා දෙන්න .
සවන් දෙන්න
ප්‍රශ්න ගැන කතා කරද්දී දිගටම එයට චෝදනා නොකර එය කියන
දේවල් අහන්න .ඒක එයාට ලොකු සහනයක් වෙයි .
උණුසුම්ව කතා බහ හමාර කරන්න
කතාව ඉවර වෙනකොට යේ ප්‍රශ්න මොනවත් හිතේ
තියාගන්න එපා .දෙන්නම කැමති
රස කැවිල්ලක් කාල
තේ එකක් බීල සතුටින්
කතාව ඉවර කරන්න .
ඉතින් මේ දේවල් එක්ක ඔයාට ලස්සන ආදරේක උණුසුම විඳගන්න ලැබෙන්නයි
ආදර ගඟුල සුබ පතන්නේ!!!