හීන කතන්දර

ආදරේ කියන්නේ පිස්සුවක්.....ඇත්තටම පිස්සුවක්.නුවන්ගිව මුණ ගැහෙන්න කලින් මාත් හිතුවේ එහෙම තමයි.ආදරයක් ගැන අබමල් රේණුවක් තරම් වත් ගණන් ගත්තේ නැති මට නුවන්ගිව මුණ ගැහුනේ A/L ඉවර වෙලා කරපු computer පන්තියෙද්යි.කිව්වට මොකද නුවන්ගි හරිම ආඩම්බරයි.අපේ කොල්ලන්ගේ වදේටමයි මම විහිලුවට වගේ එයාට try කලේ.මුල්ම දවසේ එයා මාව පොඩ්ඩක් වත් ගණන් ගත්තේ නෑ.දෙවැනි දවසේ අනන් මනං කියන්න ගිහින් මම හොඳටම බැනුන් ඇහැව්වා,ඔය අතරේ අපේ එවුන් කොහොම හරි කෙල්ලගෙ email එක හොයාගෙන තිබ්බ.මාත් ඉතින් ජොලියට වගේ අනන් මනං e mail කලා.එත් reply නැති වෙනකොට නම් මට මාර upset.එතකොටයි මට දැනෙන්න ගත්තේ පිස්සුවක් කියල හිතපු ආදරෙන් මාත් පිස්සු වැටිලා කියල.ඔය අතරේ තමයි වාසනාවකට වගේ practical එකකට එයත් මගේ කණ්ඩායමට වැටුනේ.කණ්ඩායමේ නායකයත් මම.ඉතින් මාත් එයාව වැඩිය ගණන් නොගෙන කණ්ඩායම් වැඩ ටික කලා.ඒ විතරක් නෙවේ මගේ යාලුවෝ කියපු විදියටම නුවන්ගිගේ ළඟ හිටිය කල්පනී එක්ක වැඩිපුර කතා කලා.එතකොට කෙල්ලට ඉරිසියා හිතෙනවා කියල මටත් දැනුන.ටික දවසක් යද්දී නුවන්ගි මගෙන් computer ගැන දන්නේ නැති දේවල් අහ ගන්න පටන් ගත්ත.ටිකෙන් ටික අපි හොඳ යාලුවෝ උනා.නුවන්ගි හරිම උත්සහ වන්තයි.ඒ වගේම හරි හොඳයි.ඒ නිසාම එයාව රවට්ටන අදහස මම අත ඇරලයි තිබ්බේ.එත් මම එයාගෙන් කෙලින්ම අහන්න ගියේ නැත්තේ කලින් බැනුම් අහපුවත් මතක තියෙන නිසා.

මම ඒ නිසා ආදරේ හිතේ තියා ගෙනම එයාව යාලුවෙක් විදියට ආශ්‍රය කලා.ඔය අතරේ result එන දවසත් ලං වුණා.ඒ වගේම පන්තියෙත් අන්තිම දවස ලං වුණා.එදා නුවන්ගි ඇස් වල කඳුළු පුරෝගෙන කිව්වා කවදාවත් එයාව අමතක කරන්න එපා කියල.result ආවම කියන්නත් කිව්වා. මාත් ඒ අවසරෙන් එයාට දවස් දෙකකට සැරයක් වගේ call කලා.result අවමත් මුලින්ම කිව්වේ එයාට.ඇත්තටම මට campus එකට ලකුණු මදි.නුවන්ගිගේ නම් කැමැත්ත තිබ්බේ විද්‍යා පීඨ යන්න.ඒකට එයාට ලකුණු ඇති.එත් එයා මට කිව්වෙම ආයේ විභාගේ ලියන්න, ඔයාට පුළුවන් කියලයි.ඒ වචන මටත් ලොකු හයියක් වුණා.ඒ නිසා මම එයා කියන දේ පිළිගත්තා.ඒ වගේම එයා හැමදාමත් මගේ හයියට ඉන්නවද කියලත් මම ඇහැව්වා.ඇත්තටම එයා මට ඔවු කිව්වා.මට දැන් රටක් රාජ්ජයක් ලැබුන වගේ.එකයි කාටත් කලින් මගේ කතාව ආදර ගඟුලට එව්වේ.
LOVE STORIES..........