ආදරේ කියන්නේ හීනයක්ලු,ඒ දවස් වල මම අහල තිබ්බ....ඔවු එක ඇත්ත වෙන්න පුළුවන්.එත් මම නම් කියන්නේ ආදරේ කියන්නේ හැබෑ කරගන්න පුළුවන් හීනයක් කියලයි....ඔන්න එහෙනම් දැන් කියන්නම් එහෙම කියන්නේ ඇයි කියල....මේ ලියන්නේ මගේම ආදර කතාව....මාව නිලූ කියල මතක තියා ගන්නකො.
මම කොළඹට ආවේ හෙදියක් වෙන්න ඉගෙන ගන්නයි.ඒ පුද්ගලික ආයතනයකට.එතනට දෙන්න සල්ලි හොයාගන්න අපේ අම්ම හුඟාක් මහන්සි උනා...එහෙම කියද්දී ඔයාලට හිතෙයි මට ඉගෙන ගන්න ලක්ෂ ගානක් ගියා කියල...අනේ නැහැ....ඒ පාඨමලාව රුපියල් 25 000 යි.එකත් අපේ පවුලට මහා ලොකු ගානක් උනා කියල කිවුවේ මගේ පවුල් පසුබිම තේරුම් ගන්න.දුප්පත් කම කියන්නේ ලජ්ජා වෙන්න ඕන දෙයක් නෙවෙයිනේ.....හොරකම් කරන්නයි ලජ්ජා වෙන්න ඕන....මටත් ඕන වුනේ මේ පාඨමලාව හොඳට කරලා රස්සාවක් හොයාගෙන මගේ අහිංසක පවුල ගොඩ ගන්න.
අපි නැවතිලා හිටියේ මහරගම.ඒක ඉගෙන ගත්ත තැනටම අයිති බෝඩිමක්.මගේ කාමරේ තව යාළුවො දෙන්නෙක් හිටිය.අපි දවස් දෙකකට සැරයක් කඩේ ගිහින් උයන්න දේවල් අරන් එනවා.ඔය විදියට බඩු ගෙන්න අපි ගියේ එකම කඩේකට.එතනින් තමයි මගේ ආදරේ පටන් ගන්නෙත්.එයා අසංක.කඩේ කැසියර් කුඩුවේ හුඟාක් වෙලාවට හිටියේ එයා.සමහර දවසට සල්ලිත් ගත්තේ අඩුවෙන්.එත් මම ඒකට කැමති වුනේ නැහැ.මොකද එයා බලන විදියෙන්ම මට තේරුණා එයා මං ගැන උනන්දු බව.එත් වැඩි කාලයක් මට එයාව මග අරින්න බැරි වුනා.මොකද මගේ හිතත් දන්නෙම නැතුව එයාට ඇදිල ගිහින් තිබ්බ.එත් මම ආදරේට බය වුනා .පත්තර වලින් එහෙම කියවපු දේවල් දැක්කම නොදන්නා පලාතක නොදන්නා කෙනෙක්ට ලං වෙලා ජීවිතේ විනාස කර ගන්න මට බය හිතුන.ඒ නිසා මම කඩේට යන එකත් නතර කළා.
පස්සේ එයා මගේ යාළුවො අතේ ලියුම් එහෙමත් එවල තිබ්බ.ඒ එක්ක අහල තිබුන එයා තොග කඩේක කැෂියර් කෙනෙක් හින්දද අකමැති කියල .මම උත්තර යැවුවේ ඒ ලියුමට විතරයි .මම ඇත්තම ලිවුවා,දුප්පත්කම ආදරේ නොකරන්න හේතුවක් නෙවේ,එත් මම කොළඹ ආවේ ආදරේ හොයාගෙන නෙවෙයි කියල.ඊට පස්සේ කවදාවත් එයා මට ලිවුවේ නැහැ.එත් මගේ හිත යට එයා ගැන සුන්දර මතකයක් ඉතුරු වෙලා තිබුන.
හැම දෙයක්ම අමතක කරලා මම විභාගේ හරියට කර ගත්ත.ඒ නිසාම ලේසියෙන්ම මට පුද්ගලික රෝහලක නර්ස් කෙනෙක් වෙන්න ලැබුන.ඒ කිවුවේ මගේ හීනේ සම්පුර්ණ වුණා.අවුරුදු දෙකක් යද්දී මගේ පඩිත් වැඩි වුණා.අපේ ගේත් හදන්න පටන් ගත්ත.
ඔය අතරේ තමයි මගේ වෝර්ඩ් එකට හුඟාක් අමාරු අම්ම කෙනෙක්ව ගෙනාවේ.මොන හේතුවක් නිසාද මන්ද මාත් එයාට හුඟාක් ලං වුණා.එයා ආවේ පපුවේ අමාරුවක් හැදිලා.ඒ නිසාම මම එයට හරි ආදරෙන් සැලකුව.ඒ අම්ම නිතරම මතක් කලේ එයාගේ පුතා ගැනයි.ඒ පුතා රට ගිහින්ලු.ඇස් දෙක පියවෙන්න කලින් පුතා පිළිවෙලක් වෙන්නේ නෑ කියල මේ අම්ම හරියට දුක් වුනා.කියන දේ අහන්නෙම නෑලු තාත්තත් නැති නිසා බිස්නස් ඔක්කොම සේවකයෝ අතට ගිහින්ලු.ඒ අම්මගේ කතාව ඇහුවම මට හිතුන සල්ලි තියෙන අයටත් මොන තරම් ප්‍රශ්නද කියල.
ඔය අතරේ හදිසියේම ඒ අම්මගේ පුතා රට ඉඳල ආවා.අම්මට සනීප නැති ආරංචියට ඒ පුතා කලබල වෙලා කෙලින්ම අවේ හොස්පිටල් එකට.දෙයියනේ ඒ වෙන කවුරුත් නෙවේ අසංක...එදා මම බඩු ගන්න ගියේ එයාගේ කඩේටලු ....ඒ වගේම එයා හැමදේම දාල රට ගිහින් තියෙන්නේ මම එයාව මග ඇරිය නිසාලු..ඒ වගේම එයා මට ලියන එක නතර කරලා තියෙන්නේ,මගේ යාලුවෙක් බැරිම තැන කියල මාව බඳින්න කෙනෙක් ගමේ ඉන්නවා කියල....හැම දෙයක්ම හීනයක් වගේ...එයා අම්මට එදා මං ගැන කිවුව.ඒ වෙනකොට ඒ අම්මත් මට හරි ආදරෙයි....ඒ නිසාම මගේ දුප්පත් කම ගැන නොසලකා අම්ම අපට ආශිර්වාද කළා.ඉතින් මට මේ හැමදේම හීනයක් වගේ...හෙට අනිද්දට මාත් අම්ම කෙනෙක්...ඉතින් මගේ ආදරේ හැබෑ වෙච්ච හීනයක් නෙවෙයිද?