ආදරේට රෝස මල්
ROSES FOR THE LOVE
බොහෝ වෙලාවට ආදරේදී භාවිත කරන දෙයක් රෝස මල් කියන්නේ.මේ රෝස මල් වල වර්ණ
අනුව කියවෙන දේවල් විවිධයි .ඒ පිලිබදව දැනගෙනම රෝසමල් එදිනෙදා කටයුතු
වලට යොදාගත හැකිනම් එය වඩාත් අර්ථවත් වේවි .
ඒ නිසා අපි බලමු මේ රෝස මල් වල වර්ණ අනුව කියවෙන්නේ මොනවද කියල....
රතු රෝස
ආදරය.............
ඉතා ඇත අතීතයේ සිටම ආදරය සංකේතවත් කරන්නන්ට
රතු රෝස යොදා ගෙන තිබෙනවා.
විශේෂයෙන්ම ආදරය කියා පෑමට
රතු රෝස හොඳ තොර ගනීමක්.
රතු රෝස මල් 12 කමල් මිටක්
ආදරය මුලින්ම ප්‍රකාශ කිරීමට හොඳ මගක් ලෙස
කලක පටන් යොදා ගෙන තිබෙනවා
රතු රෝස පොහොට්ටුව -පිවිතුරු බව සහ ආදරණීය බව
![]() |
සුදු රෝස
පිවිතුරු බව ,අහිංසක කම සුදු රෝස මල් වලින් මනාව
කියවෙනවා .ඒ වගේම මනාලියකට සුදු රෝස කදිම තේරීමක් .දුක සහනිහතමානී කම ප්‍රකාශ කිරීමටත් ,ප්‍රණාමය ,අනුස්මරණය ප්‍රකාශ
කිරීමටත් සුදු රෝස යොදා ගැනෙනවා .
සුදු රෝස පොහොට්ටුව -කන්‍යාවිය මෙයින් සංකේතවත් වෙනවා .
කහ රෝස
හදවතින් බැඳුනු මිතුදම ප්‍රකාශ කිරීමට කහ රෝස කදිමයි .
ඊට අමතරව උණුසුම් පිලි ගැනීමත් සතුට හා සමුර්දියත් මෙයින්
ප්‍රකාශ වෙනවා .
රෝස පට රෝස
අනුග්‍රාහකත්වය කැමැත්ත වගේම අගය කිරීමත් මෙයින් කියවෙනවා .තැඹිලි පාට
ශක්තිය සහ දැඩි උනන්දුව මින් ගම්‍ය වෙනවාඑසේම උද්යෝගිමත් ආදරය
ප්‍රකාශ කිරීමටත් මෙය යොදා ගැනෙනවා .
ලැවෙන්ඩර් පාට
පළමු දැක්මෙන් ඇතිවුන ආදරණීය හැගීම කියා පෑමට මෙය කදිම තොරගැනීමක් .එමෙන්ම මෙයින් උද්යෝගයත් කියවෙනවා
![]() |
.


